සිංහල English

කාරෝනා වැළදුණු ලංකාවේ ප්‍රතිකාර ලබන චීන කාන්තාවගේ සිරුරෙන් විෂබීජය සම්පූර්ණයෙන්ම ඉවතට

IDH උණ රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ සිරුරෙන් එම විෂබීජය සම්පූර්ණයෙන්ම තුරන්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

කොරෝනා වෛරසයෙන් චීනයේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 262 ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ පමණක් අලුතින් වෛරසය ආසාදනය වූවන් 1720 ක් පිළිබඳ වාර්තා විය. මේ අතර කොරෝනා වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ . එහි ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් සඳහන් කළේ, ලොවපුරා සෙසු රටවල ත් කොරෝනා වෛරසය පැතිරයාමෙන් හටගත් තත්ත්වය මීට හේතුව බව ය.