සිංහල English

නිශ්ශංක සේනාදිපති ඇතුළු අටකට අධිචෝදනා 882 ක් ගොනු කෙරේ

නීතිවිරෝධි අන්දමින් ස්වයංක්‍රීය ගිනිඅවි 816 ක් සහ ජීව උණ්ඩ ලක්ෂ දෙකක් සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා 882 කින් යුත් සංශෝධිත චෝදනා පත්‍රයක් නීතිපතිවරයා විසින් මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද ගොනු කරනු ලැබී ය.

මෙම නඩුව ලබන 10 වැනිදා ධම්මික හේමපාල , ආදිත්‍ය පටබැදිගේ සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට නියමිත බවයි නීතිපතිගේ සම්බන්ධිකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.