සිංහල English

වූහන් බලා විශිෂ්ඨ චාරිකාවේ යෙදුනු ගුවන් කාර්ය මණ්ඩලයද දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට

චීන වූහන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරණ විශේෂ ගුවන් යානය මේ වන විට මත්තල ගුවන් තොටුපලට ගොඩබස්වා තිබේ.

එහි සිසුන් 33 දෙනා ඇතුළු කාර්ය මණ්ඩලයද දෙසතියක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයේ රැදවීමට නියමිත බව වාර්තා වෙයි.

රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි සඳහන්ය.

එමෙන්ම එම ගමන සඳහා සහභාගි වූ ගුවන් යානය ද විශේෂ නිරෝධායන කටයුත්ත සිදුකිරීමට නියමිතව ඇත.

එය සාමාන්‍ය මගී ගමන් සදහා යොදා ගැනීම දින කිහිපයක් සිදු නොකරනු ඇතැයිද වාර්තා වෙයි.