සිංහල English

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වූහාන් වෙත ළඟාවෙයි

චීනයේ වූහාන් නගරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනා රැගෙන ඒම සඳහා අද පස්වරු 3.45 ට දිවයිනෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරණ විශේෂ ගුවන් යානය මේ වනවිට වූහාන්හි ටියැංහි ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

කොරෝනා වෛරසයෙන් චීනයේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 212 ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ පමණක් අලුතින් වෛරසය ආසාදනය වූවන් 1220 ක් පිළිබඳ වාර්තා විය. මේ අතර කොරෝනා වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ . එහි ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් සඳහන් කළේ, ලොවපුරා සෙසු රටවල ත් කොරෝනා වෛරසය පැතිරයාමෙන් හටගත් තත්ත්වය මීට හේතුව බව ය.